ෆේස්බුක් භාවිතාකරන්නන්හට අනතුරු අගවන සුලු පුවතකින් පැවසෙන්නේ……


ෆේස්බුක් භාවිතාකරන්නන්හට අනතුරු අගවන සුලු පුවතකින් පැවසෙන්නේ සාමන්‍යයෙන් තමන්ගේ මිතුරන් නොවන කෙනෙකුට පවා පහර දෙන්නට හැකිවන ආකාරයේ දුර්වල තාවයක් හමුවී ඇති බවයි. මේ සදහා ෆේස්බුක්හි බහුලව භාවිතාවන පහසුකමක් වන මැසේජ් පහසු කම යොදාගත හැකි බවටයි පැවසෙන්නේ. සාමාන්‍යයෙන් “ඉ.එක්ස්.ඉ” නැතිනම් ක්‍රියාකාරීත්වයක් සහිත ෆයිලයන් මෙම මැසේජ් පහසුකම තුල හුවමාරුවට ඉඩ නොලැබෙනමුත් පහරදෙන්නෙකුට එම ‍ෆිල්ටරය නොමග යැවීමක් භාවිතා කරමින් හානිකර ක්‍රියාකාරීත්වයක් සහිත ගොනුවක් ෆේස්බුක්හි ඔනෑම භාවිතාකරන්නෙකු වෙත යවිය හැකි මට්ටමේදුර්වලතාවයක් භාවිතාකරමින් බවයි පැවසෙන්නේ.
මේ පිලිබදව අදහස් දක්වමින් ෆේස්බුක් අඩවියේ ආරක්ශක විධායකවරයෙකු පවසා ඇත්තේ, මෙවැනි ආකාරයේ පහරදීමකට දෙවන තලයේ දැනුමක් අවශ්‍ය බවත් අනිත් අතින් වරකට එක් පනිවිඩයකට වඩා යැවීමටද නොහැකිවන බවයි. අනිත් අතින් මෙම ආකාරයේ පහරදීම් වෙබ් අඩවි මූලික ඊමේල් ගිනුම් සදහාද පොදුබවත් මෙවන් ප්‍රහාරයක් සාර්තක කරගන්නට නම් අතිරේක ආරක්ශක ක්‍රමවේදයන් කිහිපයක්ම පසුකරන්නට සිදුවන බවත්ය.

ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරයේ මෘදුකාංග දුර්වලතාවයක් භාවිතා කරමින්…..


ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරයේ සැකසුම් දුර්වලතාවයක් භාවිතා කරමින් භාවිතාකරන්නාට නොහැගෙන ලෙස ඔහුගේ වෙබ් කැමරාව හෝ මයික්‍රෆෝනය ක්‍රියාත්මක කරන්නට සමත් ආකාරයේ “සයිබර් නොහික්මීමක්” පසුගිය දිනවල කථා බහට ලක්විනි. “ක්ලික්ජැකින්” ලෙස හදුන්වන මෙම ආකාරයේ පහරදීමකදී භාවිතාකරන්නා නොමග යවමින් ඔහුගෙන් ලබාගන්නා ක්ලික් පනගැන්වීමක් තුලින් මෙම ක්‍රියාත්මකබව ආරම්භකිරීම පහර දෙන්නාගේ උපංක්‍රමය වන බවටයි පැවසෙන්නේ. 2008 වසරේදීද මේ ආකාරයේ පහරදීමක් ගැන තොරතුරු හෙලිවූ අතර එහිදී ප්ලැෂ්ප්ලේයරයේ සෙටින්වල වෙනස් කමක් භාවිතාකරමින් අඩෝබිවෙබ් අඩවියේදී අදෘශ්‍ය අයිෆ්‍රේමයක් පනගන්වාගෙන ඒ තුලින් වෙබ්කැමරාව හා මයික්‍රෆෝනය විවෘතකර ගැනුනි. ඇඩොබි ආයතන මීට පිලියම්ලෙස “ප්ලැෂ් ප්ලේයර් සෙටින් සකසන පි‍ටුව” විවෘතවීමේ ක්‍රමවේදය වෙනස් කරන ලදී. මැතකදී වාර්ථාවන පහරදීම සදහාද යොදාගන්නේ පෙර දුර්වලතාවයම වන අතර වෙන ආකාරයකට එම දුර්වලතාවය යොදා ගැනීමක් ලෙස බවයි පලවන වාර්ථා පවසන්නේ. ඇඩොබි ආයතනය් හැකි ඉක්මනින් මෙම දුර්වලතාවය අවසන්කිරීම සදහා කටයුතු යොදමින් සිටින බවටයි පැවසෙන්නේ.

ගූගල් සෙයුම් ප්‍රථිපල වඩාත් සුරක්ෂිතවේ….


මින් ඉදිරියට ගූගල් ගිනුමක් තුලින් ඔබ ගූගල් සෙයුම් යන්ත්‍රය භාවිතා කරන විට ඔබ පරිගණකය හා ගූගල් සෙයුම් යන්ත්‍රයේ සර්වරය අතර සම්බන්දතාවය එන්ක්‍රිප්ට් නොහොත් සුරක්ශිත මට්ටමේ සබද තාවයක් වන බවට ගූගල් ආයතනය නිවේදනය කර සිටිනවා. ගූගල් ගිනුමෙන් පිටත සිට හෝ ගිනුමක් නොමැති අවස්ථාවලදී පෙර මෙන් සාමාන්‍ය සබදතාවයකට පිසෙනු ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ. පසුගිය වසරේ ජනවාරී මාසයේ සිට ගූගල් හි ජීමේල් ගිනුම් සදහා මෙම එස්.එස්.එල් සබදතා ක්‍රම වේදය හදුන්වා දුන් අතර ඉන් අනතුරුව වෙබ් ආයතන කිහිපයක්ම මෙම තත්වයට එකතුවූ බවට තොරතුරු පලවෙනවා.

වින් 8 පුවත්…….


ඔවුන් මෙසේ පවසයි,”ඔබ වින්ඩෝස් 7 ධාවනය කල ඔනෑම තැනක වින්ඩෝස් 8 ධාවනය කල හැකිවනු ඇත. අත්තෙන්ම අපි පොරොන්දුවෙනවා නවාංගත් සමග වඩාත් පහසුවෙන් එය ධාවනය කරන්නට හැකිවන බවට”. මයික්‍රසොෆ්ට් ආයතනයේ වින්ඩෝස් 8 නිර්මානය සදහා වෙහෙසෙන පිරිස අතරින් අයෙක් පසුගිදා ප්‍රකාශ කර සිටියේ , මතක කලමනාකරනය අතින් ලබා ගන්නා වැඩි කාර්යක්ශමතාවය මෙම වෙනසට ප්‍රධාන සාදකයක් වනු ඇති බවයි. ගිගා බයිට් එකක හෝ දෙකක මතක ඉඩක් තුල එකවර භාවිතාවන් දෙකක් හෝ තුනක් ධාවනයට මේ තුලින් පහසුවෙන් හැකිවනු ඇති බවටයි බලාපොරොත්තු පල වන්නේ.
වැඩි ‍රැම් මතක භාවිතය යනු ශක්ති භාවිතයද ඉහලට ගෙන යාමක්. ජංගම ස්වභාවයෙන් යුත් උපකරන වෙත නැබුරුවේදී එය තීරනාත්මක සාධකයක්. වින් 8 සමග ‍රැම් මතකයේ ‍රැදෙන සමාන (ඩුප්ලිකේටයන්) ගොනු භාවිතය අවම කරන්නට අප කටයුතු කරනවා. මේ නිසා සමහර විට අපිට හැකිවනවා මතකභාවිතය තුල මෙගා බයිට සියගනනක් ඉතිරි කර ගන්නට. තවත් අතකින් අප උත්සාහ කර තිබෙනවා අවශ්‍ය වන තුරු අමතර සේවාවන් නතර කර තබන්නට උදාහරනයක් ලෙස “ප්ලග් ඇන්ඩ් ප්ලේ” වැනි සේවාවන් ක්‍රියාත්මක වන්නේ අමතර උපකරනයක් පරිගණකයට එක්කල විටකදී පමනක් වනු ඇති.මෙට්‍රෝ භාවිතයත් සමග මෙගා බයිට් 23 පමන දල ඉතිරියක් මතකය තුලින් ලබා ගත හැකිවෙලා තිබෙනවා යැයිද ඔවුන් කියා සිටිනවා.

ෆේස්බුක් ආරක්ශාවට තවත් පියවරක්…….


වෙබ් ආරක්ශාව ගැන හදාරන්නන්ගේ මතයක් වී ඇත්තේ ෆේස්බුක් යනු සයිබර් අවකාශය මත අහිතකර මෘදුකාංග පතුරවන්නන්ගේ නිරන්තර අවධානය ලබා ගන්නා අඩවියක් ලෙසය. වෙබ් අඩවිය දෙසින් භාවිතාකරන්නන් සුරකින්නට නොයෙකුත් පියවර ගත්තද මද කලකින්ම එම බාදකයන් මග හැරයන්නට මෙම සයිබ අපරාධකරුවන් සමත්වීම් අතිතය තුල නැවත නැවත දක්නට ලැබුනි.
මෙම අපරාධ කරුවන්ගේ වැඩිම භාවිත උපංක්‍රමය වූවේ හානිකර වෙබ් පි‍ටු මතට යොමු කරන වෙබ් ලිපිනයන්ගේ සබදතා භාවිතා කරන්නන් ලවා අවදිකරවා ගැනීමය. කලකට ඉහතදී ෆේස්බුක් ආයතනය මේසදහා විසදුමක් ලෙස මෙම අහිතකර වෙබ් ලිපින හදුනාගෙන නැවත ඒවෙතට යොමුවීම වලකාලන ක්‍රමවේදයක් සකස් කලමුත් හානි කරන්නන්වඩාත් වේගයෙන් තම වෙබ් ලිපිනයන් වෙනස් කරමින් භාවිතාකරන්නන් අනතුරට හෙලීමේ උත්සාහයන් දිගටම පත්වා ගෙන යන්නට සමත්විනි.
ඉතාමැතක සිට ෆේස්බුක් ආයතන වඩාත් නවීන ආරක්ශක උපංක්‍රමයකට “වෙබ්සෙන්ස්” නම් සයිබර් ආරක්ශාව ගැන ක්‍රියාත්මක ආයතනයක් සමග යොමුව ඇති බවයි පැවසෙන්නේ. නව ක්‍රමවේදය යටතේ පෙර සකස් කරන ලද හානිකර වෙබ් අඩවි ලිපිනයන් ඇතුලත් දත්ත ගොනුවකට අනූව නොව ක්ලවුඩ් මූලික “රියල් ටයිම්” වෙබ් ලිපිනයන් පිරික්සනයක ආධාරයෙන් ඒ මොහොතේ දීම අදාල වෙබ් ලිපිනය යොමුකරන වෙබ් අඩවිය ගැන සොයා බලනු ඇත

ෆේස්බුක් ටයිම් ලයිනය


සමහරුන්ට නිතරම පාහේ අවැසිවන්නේ අතීතය සගවා තබන්නටය. තවත් අයවලුන් වඩාත් කැමතිවන්නේ නිතරම පාහේ තම අතීතය තුල ජීවත්වන්නටය. ඔබ මේ කොතැනක සිටියද ෆේස්බුක්හි නවතම හදුන්වාදීම වන ටයිම් ලයිනය සමග නම් අතීතය සගවා තැබිය නොහැකිවනු ඇත. ඔබගෙ ෆේස්බුක් ගනුදෙනුව ඇරබුනු දා සිටම කලකී සියල්ල තුල පහසුවෙන් තනි පි‍ටුවක සිට සරන්නට මෙම ටයිම් ලයිනය උදවු වනු ඇත. වරක විචාරකයින් පවසා සිටියේ අනවසර පිවිසෙන්නන් හට ඔබේ පෞද්ගලිකත්වයට අනවසරයෙන් එබී බලන්නට අවැසි දත්ත සපයා ගන්නට මෙම නවාංගය මහත් පහසුවක් වනු ඇති බවකි. තවමත් ක්‍රමානුකූලව භාවිතා කරන්නන්හට මුදා හරිමින් පවතින මෙම නවාංගය ඔබේ ගිනුම තුල සංක්‍රිය වීමෙන් අනතුරුව සතියක කාලයක් ඔබට උවමනා ආකාරයට සංශෝදනය කරන්නට හැකිවන අතර ඉන් අනතුරුව භාහිර අයට දැක බලා ගන්නට හැකිවන ලෙස එය ඔබේ ෆේස්බුක් මුල් පි‍ටුව වෙත මුදා හැරෙන්නට නියමිත බවයි ඔවුන් පවසා සිටින්නේ.
මෙම අතීත ෆේස්බුක් සිදුවීම් පෙල ඔබට අවැසි ලෙස පාලනය කිරීමේ හැකියාවද සැකසුම් සමග ලබා දෙන්නට ෆේස්බුක් ආයතනය කටයුතු කර ඇති බවටයි සටහන් වන්නේ . ඒ අනූව “අතීත පලකිරීම් සීමිත පිරිසක් සදහා පමනක් සීමා කිරීමේ” ‍තෝරා ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම තොරා ගැනීමේ අවස්තාව “ප්‍රයිවසි සෙටින්” පි‍ටුවේ අවසාන කොටසේ අඩංගු වන බවට කියවෙනවා. මෙම විධානය ක්‍රියාත්මක් කිරීමත් සමග එම පසුගිය පලකිරීම් ඒ අවස්ථාවන් වලදී මොන තත්වයේ තිබුනද “මිතුරන්ට පමනක් සීමාවීම” ඇරබෙන බවයි පැවසෙන්නේ.ටැග් කිරීමකට ලක් කොට තිබුන හොත් පමනක් ඔවුනට හා ඔවුන්ගේ මිතුරන්ට මෙම පලකිරීම් විවෘතවන බවත් ඔවුන් පවසනවා.
ඔබගේ පෙර පලකිරීම් “ටයිම් ලයිනයත්” සමග අනවශ්‍ය අයවෙත දිස් වීම වැලක්වීමට ගත හැකි තවත් පියවරක් ලෙස ඔවුන් හදුන්වා දෙන්නේ මිතුරන් හෝ වෙන අයවලුන් විසින් ඔබේ පි‍ටුවෙහි කර ඇති පලකිරීම් නවත දිස්වීමේ හැකියාව සීමා කිරීමය. මේ සදහා “එඩිට් සෙටින්” තුලින් දිග හැරෙන කවුලුවෙහි අවසාන තේරීම ඔස්සේ පිවිස “කස්ටම්” තුලින් සකසා ගත හැකිවනු ඇති බවය.අවසාන පියවර ලේස ඔවුන් පවසන්නේ එම පලකිරීම් නෑවත සංශෝදනය කිරීමය. අවසානයේ ඔබගේ සංශෝදනයන් සාර්තකදැයි විමසා බැලීම සදහා “වීව් ප්‍රොෆයිල් ඇස්” බටනය සහයවනු ඇති බවයි සටහන්වන්නේ.

නිරෝගිමත් ගත සිත සොයා යන ආදරනීය චාරිකාව………..

“අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට” සටහන් වන්නේ කලබල කාරීත්වයෙන් බොහෝ ඈත ලෝකයේ කෙරවලක බඳු විසල් කදු වලල්ලකින් වටවුනු උස් කදු යායක නැගෙනහිර බෑවුමේ, දියුනු සමාජ දැනුමෙන් නම් කිසිදිනක පහදා ගත නොහැකි අපූරු ගතු පැවතුම් ඇති මිනිසුන්ගෙන් ගැවසගත් ගම්මානයට මායිම්ව පිහිටි මදක් හුරුපුරුදු දහම් මනසක් ඇත්තෙකුට හැර “මෝස්තරක් ලෙස හෝ සියලු විකල්ප අවසන් කල වෙන කලහැකි කිසිවක් නොමැති නිසා දහම් මනස සොයන” අයෙකුට නම් මුල් දින දෙක තුන ඉක්මවන විට ස්වංතීර්නය මතම මෙතනින් පලා යන්නට සිත්වන තරමේ සියුම් දහම් රිද්මයක් ගැවසගත් ආශ්‍රම භූමියක සිට බව සටහන් කල යුතුය.
මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ, මෙහි වෙසෙන ඇත්තන්ගේ ආශා පද්දතියේ වියෝජනයයි. මහා ධනවතුන් බුද්ධිමතුන් තමුන් වටකොටගෙන සිටි බොහෝ සැපසම්පත්යැයි අනුන් විස්වාසකරන ඒ නිසාම තමනුත් විස්වාසකරන්නට පුරුදුව සිටි බැදීම් ඇලීම් අත්හැර දැමීමයි. ආශ්‍රමයට එනවිට මහත් බරකින් අඩියතැබූ , බරපතල මුහුනු වරවල් කෙමෙන් වියකී, සරල බව සැහැල්ලුව ජීවිතවලට ඇතුලු වී ‍රැස්කරන ජීවිතයෙන් අත්හරින ජීවිතය තුල ලබන අපමනවු සැහැල්ලුව සහනය මනාව මෙහිදී දැකිය හැකියී.
මේ මනරම් පරිසරයේ සිට බැබුරු ගුප්ත වනාන්තරය අභ්‍යන්තරයේ සැගවගත් බොහෝ දේ මට ඔබට කීමට හැකිවනු ඇත. යහපත් ගම් වාසීන්ගේ සිට ආශ්‍රමයේ වෙසෙන සිල් ඇත්තන් ගැන පමනක් නොව ඈත ගැබුරු වනගැහැබෙන් ඉදහිටක මෙහි එන උසස් සිල් ඇත්තන් ගැන පවා මට ඔබට සටහන් කල හැක. නගර මධ්‍යයේ පිහිටි දහම පැහැදිලි කරගන්නට උදව්වන ස්ථානවල සිට ලොකය පුරා පිහිටි විවිධ ආශ්‍රම වලට සපේක්ශව මෙහි සැගව ඇති අපූර්ව බොහෝ දේමට පැහැදිලි කල හැකිවනු ඇත. මට පැහැදිලි කල නොහැකි එකම දෙය නම් මම කවුද යන්න පමනි. මෙතැන ඇති අවටීනම කාරනාව එය යැයි මම සිතමි.

ඔබගේ පරිගනකයේ "ස්ක්‍රීන්" එකේහි වර්ණ සැකැස්ම……..……

ඔබගේ පරිගනකයේ "ස්ක්‍රීන්" එකේහි වර්ණ සැකැස්ම තීර්නයවන සාධක කිහිපයකි. ඔබ භාවිතාකරන මොනිටරය, ග්‍රැ‍ෆික් කාර්ඩ් පතෙහි සැකසුම,අවට ආලෝක තත්වය මේවායින් කිහිපයකි. සම්මත සැකසුමෙන් බැහැරව ඔබේ වර්න සංයෝජනය පවත්වා ගැනීමෙන් ප්‍රතිපලය වන්නේ ඔබේ මොනිටරය  මත හොදින් වර්නවත් තත්වයක පවතිනවාසේ පෙනෙන පෙනෙන ඡායාරූපයක් වෙනත් මොනිටරයකදී අසාර්තකවීමයි. ඔබ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නෙක්නම් එම මෙහෙයුම් පද්ධතිය සමගම එන මෘදු උපාංගයක්  ඔබට සහයවනු ඇත. මෙම උපාංගය භාවිතය සදහා ඔබ කල යුත්තේ "ස්ටාර්ට්" බටනය තුලින් ඇතුලුවී  DCCW  යන්න සටහන් කර එය ස්තිර කිරීමයි. අනතුරුව දිග හැරෙන යොමුව තුලින් සම්මතයට සාපේක්ශව ඔබේ සැකැස්ම උදාහරන මගින්ම වටහා ගෙන ඔබටම සකසා ගත හැකිවනු ඇත.

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට………..


ඔහු නැවත පැමින ඇත. මගේ ආදරනීය මිතුරෙකුවූ ටිබෙට් ජාතිකයා නැවත පැමිනීම මා තුල මහත් සතුටක් ඇති කලේය. ඔහු සුපුරුදු ලෙස ආගන්තුක කුටියක දෙදිනක් හෝ තෙදිනක් ගතකල යුතුව ඇත.ඉන්පසු සුපුරුදු ලෙස කදුමුදුනතම පිහිටි මගේ කුටියට යාබද කුටියට පැමිනෙනු ඇත. සතුටේ කම්පනය මදක් පාලනය වන තුරු සක්මන් මලුවේ ඔබ මොබ ඇවිද්දෙමි. ආදරනීය හෝ අනාදරනීය මතක සෛලයන් ජීවිතයකට කල හැකි බලපෑම මහත්ය. සමහර විටක ඔබට සිතාගන්නට වත් බැරිතරම් යැයි මම සිතමි. හෝරාවන්, දින ගනන් පමනක් නොව වසර ගනන් අවසානයේ ජීවිත කාලයන් පවා පසුකරමින් මතකයන් විටක හුරු පුරුදු ලෙස පවා අප වසාගෙන සිටින අයුරු දකින විට විටක මහත් බියක් සිත තුල පැන නගී.බුර බුරා නැගෙන සංසාර ගිනිදැල්ල මම දකිමින් සිටිනවාදැයි මම මගෙන් ප්‍රශ්න කරමි.

” ගූගල්+ ගැන දැන ගන්න මෙහි එන්න”


” ගූගල්+ ගැන දැන ගන්න මෙහි එන්න” මෙම පනිවිඩය ඊමේලයක් ලෙසින් ඔබේ ඊමේල් බහාලුමටත් පැමිනෙන්නට ඉඩ ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ දින වල අන්තර්ජාලය අසුරු කරන කවුරුත් පාහේ කැමැත්තෙන් සිටින පනිවිඩය එය වනු ඇති බවයි ඔවුන් පවසන්නේ. පරිගණක සුරක්ශිතතාවය ගැන සැලකිලිමත් වන කන්ඩායම් නම් පවසන්නේ සමහර විට එම සබදතාවය ගූගල්+ වෙත ගෙනියනවා වෙනුවට යම් යම් බෙහෙත් ද්‍රව්‍ය ගැන ප්‍රචාරනය සදහා සකස් කර ඇති අඩවි වෙත ‍රැගෙන යන්නටත් ඉඩ ඇති බවයි.
ගූගල්+ පිලිබදව ඇති උනන්දුව ප්‍රයෝජනයට ගනිමින් මෙම ප්‍රචාරක කරුවන් මෙම ව්‍යාජ සබදතාවය අන්තර්ජාලය පුරා පතුරවමින් සිටින බවයි සටහන් වන්නේ. ගූගල්+ වෙත නවකයින් කැදවා ගැනීම තවකාලිකව නතර කර ඇති බව ඔවුන් නිවේදනය කර ඇති බවත් එහි වැඩිදුරටත් සටහන්ව තිබුනා.

Follow

Get every new post delivered to your Inbox.