මා ආ මගේ කෙටි සටහන. මීට “ඔ.එස්”

ඔබ ගෙවමින් සිටින්නේ මිනිස් වර්ගයාගේ මීලග යුගයට හැඩ ගැසීමේ කාලයයි. මින් මත්තෙන් උදා වෙන්නේ ඩිජිටල් ජීවිතය විදීමේ යුගයයි.


ඉලෙක්ට්‍රොනිකත්වය ඔබේ ජීවිතය වසාගැනීම නතර කරන්නට ඔබ උත්සාහ කිරීම යනු අනාගතයෙන් සැගවෙන්නට ඔබ මවන සිහිනයක් පමනකි. අනාගතයේ සොදුරු බව අනිවාර්යෙන්ම ඩිජිටල් තාක්ශනය මත්තෙන් බව වලකන්නටනම් තවමත් මිනිස් වර්ගයාට හමු නොවූ වෙනත්ම තාක්ශනයක් හෝ දරුනුම තලයේ පෘතුවි වියසනයකට පමනක් හැකි වනු ඇත. ඔබට දැනෙන ඩිජිටල් වෙහෙස මෙසේ වටහා ගත හැක. ඔබ ගෙවමින් සිටින්නේ මිනිස් වර්ගයාගේ මීලග යුගයට හැඩ ගැසීමේ කාලයයි. මින් මත්තෙන් උදා වෙන්නේ ඩිජිටල් ජීවිතය විදීමේ යුගයයි.

ඔබේ ජීමේල් ගිනුමට නවාංගයක්…………


ගූගල් ආයතනය ඔබේ ජීමේල් ගිනුමට නවාංගයක් එකතු කිරීමට ඉදිරි සතිදෙක තුල කටයුතු කරමින් සිටිනා බව වාර්තාවෙනවා. ඔබගේ ජීමේල් ගිනුම තුල ඔබගේ සබදතාතුල ක්‍රියාකාරකම් වල සංශිප්තයක් සහිත කවුලුවක් තිර මුහුනතහි දකුනු ඉහල කෙරවලට ‍රැගෙන ඒම මේතුලින් සිදුවනවා ඇති බවයි සටහන් වන්නේ.
අදාල සබදතාවයතුල සිදුවු ,දුරකතන ඈමතුම්, කෙටි පනිවිඩ,ඊමේල් ඇතුලු ගූගල් සපයන බොහෝ සේවා තුලින් ඔබ හුවමාරු කරගත් සියල්ල පහසුවෙන් දැක ගැනීමට සලස්වන අතරම පහසුවෙන් නැවත් ඒවා අවදිකර ගැනීමට උදවු වනු ඇති බවයි සටහන් වන්නේ. ඒසේම මෙම කවුලුව තුලින් පහසුවෙන් අදාල සබදතාවය තුල ඊමේල්, කෙටි කතා බහකට පිවිසීමේ හැකියාව ලැබෙන බවත් සටහන්ව තිබුනා.

ලබැදි මිතුරන්ගේ ඇසුර රසවත් කරන්නට මිහිරි හඬක් ලගදීම ෆේස්බුක් අඩවිය හරහා……….


ලබැදි මිතුරන්ගේ ඇසුර රසවත් කරන්නට මිහිරි හඬක් ලගදීම ෆේස්බුක් අඩවිය හරහා භාවිතා කරන්නන්හට ලබාදෙන්නට කටයුතු කරමින් සිටින බවට පුවතක් පලවෙනවා. “ස්පොටි‍ෆි” අඩවිය හා එකතුව දහරා ක්‍රමයට ක්‍රියාත්මක වන මෙම සේවාව ෆේස්බුක් හි පුවත් කවුලුව ඔස්සේ භාවිතා කරන්නන්ට පිවිසිය හැකිසේ සකස් කර ඇති බවයි කියවෙන්නේ. වැඩිදුරටත් සටහන් වෙන්නේ මෙම සබදතාවය නිසා ආයතන දෙක අතර මුදල් මය ගනු දෙනුවක් නොවුනද ස්පොටි‍ෆි ආයතනයට මිලියන ගනනක භාවිතාකරන්නන් කැදවෙන අතර වසරගනනක් තිස්සේ ෆේස්බුක් ආයතනය බලාපොරොත්තුවූ සේවාවකින් තම භාවිතාකරන්නන්ගේ ආකර්ශනය වඩාත් වැඩිකරගන්නට මෙම නව පියවර උදවු වෙනු ඇති බව කියවෙනවා.

මැයි 12 වෙනිදා තායි ජාතිකයෙකුට ඊමේලයක් ලබුනේ “ඔබගේ ෆේස්බුක් ගිනුම අනවසර පරිහරනයකට ලක්වී ඇති බව කියමිනි.”


මැයි 12 වෙනිදා තායි ජාතිකයෙකුට ඊමේලයක් ලබුනේ “ඔබගේ ෆේස්බුක් ගිනුම අනවසර පරිහරනයකට ලක්වී ඇති බව කියමිනි.” චීන භාශාවෙන් මෙම ලිපිය සටහන්ව තිබිනි. තයි ජාතික හොට්මේල් ගිනුම් හිමියා ලිපිය විවෘත කල සැනින් එය තුල සගවා තිබූ මෘදුකාංගයක් ක්‍රියාත්මක වන්නට පටන් ගන්නා අතර ප්‍රතිපලය වන්නේ ඔහුගේ ලිපි බහාලුමේ සියලු ලිපි වල පිටපත් මෙම ඊමේලයේ නිර්මාතෘ අනවසර ආක්‍රමිකයා වෙත ලැබැන්නට පටන් ගැනීමයි. පසුව හදුනා ගත්තේ මෙම ප්‍රහාරයට ලක්වූ දහස් ගනනකින් ඔහු එක් අයෙක් පමනක් බවයි.කරුනු සොයා බැලීමේදී හෙලිව ඇත්තේ මෙම ප්‍රහාර අවස්තාව නිර්මානය වී තිබුනේ මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියේ තිබූ දුර්වල තාවයක ප්‍රයෝජනයට ගැනීමෙන් බවයි. කරුනු සැලවූ වහාම මෙම දුර්වල තාවය පිලිසකර කල බවත් වැඩි දුරටත් සටහන්ව තිබුනා.

යාහූ මේල් සේවාවේ නවතම සංස්කරනයේ බීටා නිකුතුව අද දින සිට සමාන්‍ය සංස්කරනයක් ලෙස


යාහූ මේල් සේවාවේ නවතම සංස්කරනයේ බීටා නිකුතුව අද දින සිට සමාන්‍ය සංස්කරනයක් ලෙස මිලියන 284 ක භවිතා කරන්නන් සදහා මුදා හැරීම ආරම්භ කරන බව නිවේදනය වෙනවා. බාසාවන් 26 කින්ද, සමාජ ජාලා සමග වඩාත් පහසුවෙන් කටයුතු කිරීමට හැකිවන පහසුකම් රාශියකින්ද මෙන්ම ප්‍රමානයෙන් විශාල දත්තගොනු පහසුවෙන් යැවීම සදහා භාහිර සේවාවන්ගෙන් ද සහය ඇතිව නව පහසුකම් කිහිපයකින්ද මෙම නව සේවාව සමන්විත වන බව දන්වා සිටිනවා.

වින් 7 සමග දැඩිව නොබැදෙන්න.වඩාත් ආදරනීය අයෙකු ලග ලග පැමිනෙමින් සිටී………..


ඔබේ පරිගනකය ආරම්භ කරන්නට හෝ අවසන් කරන්නට ඔබ කරන විධානය සම්පූර්න කරන්නට තප්පර 20 පමන සැහෙනු ඇති බවයි ඔවුන් පවසනේ. එලෙසම වින්ටෙල් නොහොත් වින්ඩෝස් හා ඉන්ටෙල් අතර තිබූ සබදතාවය අවසන් වන්නටද මෙම පැමිනිම බොහෝ දුරට හේතුවක් වෙනු ඇත. එය ත්‍රිමානී ස්වරූපයෙන් ඉහල උපාංග වලින් පරිගනක තිරය සරසනු ඇත. ” මුහුනුවර හදුනා ගැනීමේ තාක්ශනය” සාමන්‍ය භාවිතයට ‍රැගෙන එනු ඇත. ඩෙස්ක් ටොප් පරිගණකයේ සිට ටැබ්ලෙට් පරිගණකය දෙසට මෙහෙයුම් පද්ධති වල තීර්නාත්මක වෙනසක් එය ‍රැගෙන එනු ඇත. අවසන් ලෙස සටහන් වන්නේ වින්ඩෝස් විස්ටා නිසා භාවිතා කරනන් අතර බිද වැ‍ටුනු විස්වාශය යලි නංවන්නට වින්ඩෝස් 8 නොහොත් මීලග මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සමත් වනු ඇති බවට බොහෝ විස්වාශය තැබිය හැකි බවයි

ෆේස්බුක් හිමිකරු පසුගිය දිනක පුවත් සාකච්චාවකදී පලකර සිටියේ…….


ෆේස්බුක් හිමිකරු පසුගිය දිනක පුවත් සාකච්චාවකදී පලකර සිටියේ, තමන් වයස 13 අඩු දරුවන් සදහා අධ්‍යාපනික වටපිටාවකින් යුත් සමාජ ජාලයක් ගොඩ නැගීමේ බලාපොරොත්තුවකින් සිටින බවයි. පලවන වාර්තාවලට අනූව ඇමරිකානු වයස 13 ට අඩු දරුවන් මිලියන 7.5 පමන වැරදි තොරතුරු සපයමින් ෆේස්බූක් ගිනුම් පවත්වාගෙන යන බවයි කියවෙන්නේ. දරුවෙකුට අන්තර්ජාලය තුල ගිනුමක හිමිත්වය සදහා දෙමාපියන්ගේ අනුමැතිය අවැසි බවද සදහන් කල අතර මීලග ගැටලුව වන්නේ චීනය බවත් ප්‍රකශකර තිබෙනවා.

ෆයර් ෆොක්ස් හි පස්වන සංස්කරනයේ බීටා නිකුතුව අන්තර්ජාලය වෙත…..


ෆයර් ෆොක්ස් හි පස්වන සංස්කරනයේ බීටා නිකුතුව අන්තර්ජාලය වෙත මුදා හැර තිබෙනවා. නවතම අංග කිහිපයකින් සමන්විතව සංස්කරන දෙකකින් සමන්විතව මෙම නිකුතුව පහල දැක්වෙන සබද තාවය ඔස්සේ ඔබටත් ලබා ගත හැකිවනු ඇත.

http://www.mozilla.com/en-US/firefox/channel/

“සයිබර් අවකාශයේ බිහිවෙමින් පවතින නව ප්‍රවනතා කල්ලිවාදීත්වය දෙසටද?”


පසුගියදා ප්‍රකාශයට පත්වූ ප්‍රකාශනයකින් සයිබර් අවකාශයේ නව ප්‍රවනතාවක් ප්‍රශ්න කර තිබිනි. එනම් “සයිබර් අවකාශයේ බිහිවෙමින් පවතින නව ප්‍රවනතා කල්ලිවාදීත්වය දෙසටද?” කියායි. පසුගිය කාලයතුල සයිබර් අවකාශයේ බිහිවූ නව ප්‍රවනතා වල ප්‍රධාන අංගයක් වුයේ සෙයුම් යන්ත්‍රවල ප්‍රතිපල වඩවඩාත් භාවිතා කරන්නාගේ පෞද්ගලිකත් වයට සමීප කරන්නට උත්සහ කිරීම ලෙස හදුනා ගත හැකිනම්, මෙහි අවසාන ප්‍රතිපල වෙනුයේ, මෙතෙක් පැවති වියුක්ත පොදු ස්වභාවය ඉක්මවා ගොස්, බොහෝ විට සමාන සිතුම් පැතුම් ඇති ඔබේ මිතුරු මිතුරියන්ගේ කල්ලිමය සීමාව ඔබ සිරකිරීමදැයි ප්‍රශ්නකර තිබිනි.

Follow

Get every new post delivered to your Inbox.