Windows 11 taskbar ..

Windows 11 භාවිතට පැමිනීම එලබෙන 5 වෙනිදා සිට සිදුවන්නට නියමිතය. මෙවර Microsoft ආයතනය තම නව මෙහෙයුම් පද්ධතිය සමග ගෙනෙන්නට සැලසුම්ව ඇත් සරලෛ නවතා අතර taskbar වල ඩෙස්ක්ටොප් එක මත සතර දිසාවටම ස්ථානගත කිරීමේ හැකියාව ඉවත් කිරීම වේ. Feedback Hub වල ප්‍රවනතා අතර මෙම හැකියාව නැවත පැමිනීමේ අවශ්‍යතාවය හුවා දක්වන භාවිතාකරන්නන් ප්‍රමානය මහත් බව මේ වන විට පෙනීයමින් පවතී. එම වාර්ථාවලට අනූව 20000 වැඩි පිරිසක් මේ පිලිබඳව තම අවධානය දක්වමින් Microsoft ආයතනය නව මෙහෙයුම් පද්ධතිය සමග move taskbar හැකියාව ‍තෝරා ගැනීමක් ලෙසට නැවත මෙහෙයුම් පද්ධතියට සංයුත්ත කරන මෙන් ඉල්ලා සිටිනවා පමනක් නොව ඉන් කොටසක් තමන් windows 11 භාවිතයට පිවීසීමට පවා මේ බව තීරනාත්මක සාධකයක් ලෙසට සලකන බවක් දක්වා සිටිනවා.
Pubudu Siriwansa

මිනිස් හිසට උඩින් වන ..

මිනිස් හිසට උඩින් වන මේ වලාකුළු වලින් ඔබ්බට වන අපමන අවකාශය තරම් මිනිස් පරිකල්පනය අවධිකල යමක් මිනිස් කථාන්දරය තුල නැතුවා විය යුතුය. අනාගතයේ යම් දිනක ඔවුන් මේ පොලවට වන බැදීම් ඉක්මවමින් ඉගිලී යන්නට සමත් වනු ඇත. ඒ මිනිස් පරිකල්පනයෙන් ඔබ්බට වන ගමන බොහෝ මිනිස් ස්වභාවයන්ගෙන් සමුගැනීමක් වනු ඇත. මිනිස් මනසකට හමුවන විසිතුරුම අත්දැකීම එය වනු ඇත.
Pubudu Siriwansa
#siriwansa

පරිගණකය යනු..

සැබෑවනම් පරිගණකය යනු අසීමාන්තිකව ජීවිතය උත්කර්ෂවත් කරන උපාංයක් වීමය. එහි වන ශක්‍යතාවය අවසන් නොවන දිගුවන් ලෙසට ජීවිහය තුලට  මෙන්ම සමජය තුලට ගෙන විත් ඇති මෙන්ම ගෙනෙන්නට සූදානම් වන භාවිතාවන් අපමනකි. 
Pubudu Siriwansa
#siriwansa

මේ වන විට windows 11 නිල ලෙසට නිවදනය වී ඇත. Microsoft ආයතනය පවසන්නේ නව මෙහෙයුම් පද්ධතිය ඉල්ලා සිටින දෘඩාංගමය අවශ්‍යතවයන්ට යටත්ව ඔනෑම භාවිතාකරන්නෙකුට නව මෙහෙයුම් පද්ධතිය සදහා පිවිසීමට හැකි වනු ඇත. ඒ අනූව බොහෝ විට windows 11 වල WIndows Insider සංස්කරනය එලබෙන සතියේත් එහි සාමාන්‍ය නිකුතුව ඔක්තෝබර-දෙසැම්බර අතරත් සිදුවන්නට ඉඩ ඇත. නව මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයේදී ඉල්ලා සිටින TPM 2.0 අවශ්‍යතාවය සැලකීමේදී පරිගනකයේ ආරක්ශිත බව සම්බන්ද වැදගත් අංගයක් ලෙසට නම් වන අතර TPM (Trusted Platform Module) සමග encryption keys, user credentials වැනි වැදගත් ආරක්ශිත අංග සදහා chip මට්ටමින් මැදිහත් වීමක් ගෙනෙන 2011 කාලයේ සිටම භාවිතයට පැමින තිබෙන මෙන්ම නවීන බොහෝ නිකුතූන් සමග වන සමහර විට ඩිසේබල් මට්ටමේ තිබිය හැකි චිප් මට්ටමේ හැකියාවකි. මීට පෙර ව්‍යාපාරික මට්ටමේ වූ මෙම හැකියාව සරල භාවිතාව සදහාද අනිවාර්ය වීම ඔස්සේ වඩාත් සුරක්ෂිත භවිතාවක් සහතික වනු ඇත. windows 10 කාලයේ සිටම Microsoft සමාගම මෙම TPM chips තම දෘඩාංහ නිමැවුමට සංයුත්ත කරන්නට OEM මට්ටමින් ඉල්ලා සිටින ලදී. Pubudu Siriwansa

“පරිගණකයකට”

සැබෑව නම් තව දුරටත් “පරිගණකයකට” තම ශක්‍යතාවයේ සීමා දෘඩාංග මෙන්ම මෘදුකාංග තලයන් ඔස්සේ පමනක් තීරනාත්මක ආකර්ෂණීය බවක් සදහා මෙහෙයවන්නට ඇති ඉඩ කඩ ක්‍රමයෙන් අවම වෙමින් තිබීමයි. ප්‍රොසෙසරය මෙන්ම මෙමරි හා ස්ටෝර් හැකියව පමනක් නොව input-output හැකියාවන් පසුගිය දශක කිහිපය ඔස්සේ අපමන මිනිස් මෙන්ම යාන්ත්‍රික හැකියාවන් ඔස්සේ වේගයෙන් දියුනු වීම අප මේ වන විට අත්විඳිමින් ඇත. සැබෑවනම් දැන් දැන් එහි වූ සියුම් හා එතරම් අවධාණය දිනා නොගත් අංග කෙරෙහි එම වෙළඳ සමාගම් වලට අවධානය ලබා දීමට සිදුව තිබීමය. එය මෙහෙයුම් පද්ධතියක හැසිරීමේ මූලික ව්‍යාකරනවල සිට ඉදිරියට වීම එලබෙන යුගයේ ප්‍රධාන ලක්ෂනයක් ලෙසට අපට තේරුම් ගත හැකි වනු ඇත.
pubudu siriwansa

අපේ මිත්‍රවයේ …

“අපේ මිත්‍රවයේ සංශිප්තයක් මට කියන්න පුලුවන්ද?” වරක් සෑදෑකදී අවන්හලේදී ඇය විමසා සිටියාය. ප්‍රකට බටහිර පියානෝ වාදකයෙකුගේ ඉතා සෙමින් ගලායන ස්වර සංකලනයන් ගෙන් අවන්හල කන්කලුවද තිබිනි. “ඔබ මගේ විසිරීතිබූ මනස එක්තැන්කල කාචයක් කියලා කිව්වොත් හරියි මම හිතන්නේ”. එය සැබෑවකි. ඊට පෙර වසර ගනනාවක් තිස්සේ මාකල කිසිදු දේශනයකදී අත්පත්කර ගත නොහැකි මට්ටමේ විෂය කෙරෙහි නාභිගත වීමක් මටම දැනෙමින් තිබිනි. “
– Pubudu Siriwansa
#siriwansa

හිමිදිරි උදෑසන..

ආශ්‍රමයේ හිමිදිරි උදෑසන මහත් ජීවයෙන් පිරී යන්නකි. ඈත නැගෙනහිර කඳු පෙල පරදවන උදෑසන පලමු හිරු කිරන පොදිය මෙහිවන අපමන ජීව අනන්‍යතා අවදිකරවන්නේ මහා  ප්‍රබෝධයකිනි. ජිවය පිලිබඳ සියලු කථාන්දර එකට ගොනු කරවා ඇති සේය. සියත් අවදිවන්නන්ගේ මෙන්ම අවදිකරවන්නන්ගේ නාදය, චලන රටා අපමනකින් හාත්පස පිරී ඉතිරී යයි. එය කවරදාකවත් කියවා ඉවරකල නොහැකි පරිච්ඡේදයක් වැනිය.
Pubudu Siriwansa
#siriwansa

අපූරත්වයේ උපරිමය..

පැමිනෙන අඩ අඳුර විසල් රුක්ෂයන්ගේ පත්‍රවල යට පස අදුරින් වසාලන මොහොත සැදෑවක අපූරත්වයේ උපරිමය ලෙසට මට දැනේ. පසුබිමින් පෙනෙන සැදෑ හිරු කෙමි වලින් දිලෙන වලාකුලු පොදි මෙන්ම ඈතින් යාන්තමට දිලෙන ගම්මාන කඳුවැටිය මේ විසිතුරු බව වඩාත් ඔපවත් කරන්නාක් බදුය. තැනින් තැන් වන නිවෙස් වල දැල්වෙන පහන් සිලු මේ අපූරත්වය වඩාත් වර්නවත් කරන්නේය. පමාවී කැදලිකරා පියා සලන පක්ෂීන් ‍රැන් මේ සිත්තමට අවසන් පින්සල් සටහන් තබනවා වැනිය
– Pubudu Siriwansa
#siriwansa

සිසිල් සැදෑව ..

සිසිල් සැදෑව කඳුකරේ පා සක්මනකට ලැබෙන උනුසුම් ඇරයුමකි. කඳුමුදුනත මතින් දිවෙන දිගු මාවත් වටය නැවත නැවත පසුකලද ඒකාකාරී බවක් නොගෙනෙන්නේ ඉක්මනින් වෙනස් කාලගුන රටාවල් නිසාය. ඒකාකාරී ජීවන රටාව විසින් සිරකර දමන්නට තැත් දරන ජීවිතයට මෙහි එන සැදෑව ඔසුවක් වන්නේ එබැවිනි.
Pubudu Siriwansa
siriwansa

ඩිජිටල් කරනය..

දත්ත හා ඒවා මත ක්‍රියාන්විතයන් ඩිජිටල් කරනය වීම හුඳු තාක්ෂණික ස්වභාවයකින් ආරම්භවී සංස්කෘතික ස්වභාවයකින් ස්ථාවර වෙමින් ඇති අපූරු මිනිස් සටහනකි.
– Pubudu Siriwansa
#siriwansa